Tuesday, December 18, 2012

ඇමෙරිකන් ගැත්තා වැඩ අරඹයි



පුංචිම කාලේ ඉඳං මගේ පුදුම විදියේ කැමැත්තක් තිබුනේ ඇමරිකාව කියන රටට. හේතුව මොකක්ද කියල හරියටම කියන්න බැරි උනත් මං හිතන්නේ ඒ කාලේ VCR එකේ කැසට් පටි වල බලාපු චිත්‍රපටි ඒකට සෑහෙන්න විතර සප් එකක් දුන්නා. ගම අතෑරලා කොළඹ ආවම තවත් ඒ කැමැත්ත වැඩි උනා. හොලිවුඩ් ලෝකයට සමීප වෙන්න වෙන්න, බටහිර සංගීතය නිතර ඇහෙද්දී, කොළඹ වෙනස් වෙන සමාජය ඇතුලෙදි, ඇමරිකාවේ හැමදේකටම ආදරේ ඇතිවෙන එක නවත්තන්න බෑ. තාම ලංකාවෙන් පිට රටකට යන්න චාන්ස් එකක් නොලැබුනත්, ඇමෙරිකානු සංස්කෘතිය ඇති සමාජෙක ජීවත් වෙන එක තරම් දෙයක් නැතිතරම්.


කොච්චර ආදරේ උනත් ඒ සංස්කෘතියේ භයානක පැත්ත ගැන හිතෙද්දි නං ආයේ මෙහෙම මැරෙන්න හිතෙනවා. ඉතින්, මේ පටන් ගන්නේ මම ඇමෙරිකාව හා බටහිර සංස්කෘතිය දකින හැටි ගැන කියල දෙන්න. හොඳ පැත්ත, විඳින්න පුළුවන් දේ වගේම නරක පැත්ත, විඳවන දේ ගැන මම ලියනවා. විවේචනය ඔබට බාරයි!

No comments:

Post a Comment