Friday, December 21, 2012

දේශප්‍රේමියාගේ සිට දේශද්‍රෝහියා දක්වා



ගැත්තා දැන් පොරසිද්දියේ ඇමෙරිකාවට කඩේ ගියාට මොකෝ කාලයක් මිනිහත් මේ හෙලබිමට, බසට, ආගමට බොහොම ආදරෙන් හිටියේ. වැඩියත්ම ඒ ඉස්කෝලේ නමය වසරේ විතර කාලේදී. ඒ කාලේ ආස්සරේ කරපු ඇවුන් වගේම බලාපු කියවාපු එව්වත් එක්ක තමයි ඉතින්. චූටි කාලේ ඉඳලම ගැත්තා හෙළ ඉතිහාසය ගැන උනන්දුයි. කැමතිම රජා උනෙත් දුටුගැමුණු,
දස මහා යෝධයෝ තමයි ඒ කාලේ ගැත්තාගේ ප්‍රියතම සුපිරිබල ගැන්සිය. ඉතිහාසේ ගැන කියවන්න කියවන්න ගැත්තාගේ හිතේ සුද්දා ගැන ඇතිවුණු තරහත් සුළුපටු නැහැ. මොනා කරලා හරි කාලතරණ යන්තරයක් හදාගෙන, හොඳ මැසින් තුවක්කුවකුත් අරන් අතීතෙට ගිහින් සුද්දෝ එකෙක් නෑර පත බාවන්න හිතපු අවස්ථාත් එමට.


කොච්චර රටට ආදරෙන් හිටියද කිව්වොත් ඒ දවස්වල මුල් වරට මහරජ වෙන්න චන්දෙ ඉල්ලපු ඩයල් එකටත් බොක්කෙන්ම සප් කළා. කොහොමින් කොහොමහරි ගැත්තාගේ තිබුණු චින්තනේ වෙනස් වෙන්න වැඩි කාලයක් ගියේ නෑ. හරියටම හේතුවක් කියන්න බැරි උනත් 'ඇමෙරිකන් චිත්‍රකතා පොත්' සහ 'අපේ හෙලයින්ගේ පොරතිපත්තියක් නැති කම' ආසන්න හේතු වසයෙන් දක්වන්න පුළුවන්.

චිත්‍රකතා පොත් නං ගැත්තා පොඩිකාලේ ඉඳං බොහොම ආසාවෙන් එකතු කරපු දෙයක්. ලංකාවේ හරියකට එව්වා ගන්න තැනක් නැතත්, දැක්ක අහුවෙච්චි වෙලාවට ගන්න සිරිතක් තිබ්බ ඉතින්. ගැත්තා කියවපු මුල්ම චිත්‍රකතා පොත තමයි 'Eradicator : Trial by Fire'. පොත හොයාගත්තේ මීට අවුරුදු 13කට විතර කලින්, 'සේලක' බිල්ඩිමේ ඉස්සර තිබුණ 'විජිතයාපා' පොත්සාප්පුවේ රැක් එහෙක යටම තට්ටුවේ තිබිල. මතක හැටියට පොතේ මිල රුපියල් 40 යි. අද ඒ පොත ගැත්තා ගාව නෑ. කොහොමහරි ගැත්තාගේ චිත්‍රකතා පිස්සුව ගැන පස්සේ දවසක කියන්නම්කො.

අපේ ඇවුන්ගේ 'ප්‍රතිපත්ති ගරුක' කම ගැන නං ඉතින් මොකට කියනවයි. 'වැල යන පැත්තට මැස්ස ගහපු', සුද්දගෙන් '..කැවුම් කන්න යෝධයා' කියල අහගත්තු, තව හිටපු ත්‍රස්තවාදී නායක පිරිබාහරන් ගෙන් 'ඕනේ දෙයක් මතක තියෙන්නේ සති දෙකයි' කියන ගෞරව සම්මානෙත් ගත්ත කස්ටියක්නේ ඉතින්. උදාහරණ නං ඔව්වට එමටයි. බැන බැන උන්වම පාලනේට පත් කරගෙන, උන් දෙන ලණු ගිලිනවා තොග පිටින්.

දැන් බලමු මේ රටේ මෑතක ඉඳල ඇතිවෙලා තියෙන ආගම්වාදී, ජාතිවාදී ගැටළු ගැන. ආගම් ප්‍රචාරය කරනවා කියල අන්‍යාගම් වලට බනිනවා. දැන් එව්වා බලෙන් ද වෙන්නේ? මිනිස්සුන්ව අල්ලලා බලෙන් උන්ගේ ආගම් වලට හරවනවද? නැහැනේ. තමන්ගේ ආගමෙන් තමන්ට සහනයක් නැති හින්ද තමයි මිනිස්සු වෙනත් ආගම් කෙරේ යොමුවෙන්නේ. ඉතින් ඔය කෑගහන එව්වෝ කරන්න ඕනේ සහනයක් නැති මිනිස්සුන්ට සහනයක් වෙන එකද? එහෙම නැත්තන් දිගටම කෑගහන එකද?

ඊළඟට බලමු මේ අහවල් ජාතියට විරුද්ධව මුණුපොතේ කෑගහන එව්වෝ ගැන. ගැත්තා දන්නවා ඔය 'අහවල් කඩේ තහනම් කරපියව්' කියන ඇවුන් කොලේජ් අඳින්නෙත් 'අහවල් කඩේ ගාමන්ට්' ම තමා. 'අහවල් ජාතියේ කඩවල් වලින් කන්න එපෝ' කියල පින්තුර ෂෙයාර් කරන ගොයියෝම MC එක ඉස්සරහ 'අහවල් ජාතියේ කඩෙන්' රයිස් එක දාල ගොල්ලීෆ් එක ගහනවා. ඉතින් තව කොහෙද ජාතිය රකින්නේ ප්‍රතිපතියක් නැතුව.

ඇත්තටම ගැත්තා කතා කරන්න අකමැතිම දෙයක් තමයි මේ. ඒත් සමහර වෙලාවට නොකියත් බෑ. හිතේ තියෙන දේ එලියට දාන්නත් එපැයි. ඕනෙම කෙනෙකුට අයිතියක් තියනවා තමන් කැමති මතයක් අනුගමනය කරන්න. වැරැද්ද වෙන්නේ මුන් පතෝල වගේ වැනෙන එක. මෙව්වා ගැන කතාකරත් ජාති___ ලේබල් වදින බව ගැත්තා දන්නවා. මොනා කරන්නද, තමන්ගේ ඇවුන් උනත් වැරදි නං වැරදියි!

මුණුපොත් දේශප්‍රේමියෝ, මුණුපොත් දේශද්‍රෝහියෝ සහ අනෙකුත් ඩයල්.

No comments:

Post a Comment